Sign Up | Login
[ New messages · Members · Forum rules · Search · RSS ]
  • Page 1 of 1
  • 1
FORUM » INTERNET [අන්තර්ජාලය] » SEO » SEO LESSON 01 | SEO කියන්නේ මොකද්ද?
SEO LESSON 01 | SEO කියන්නේ මොකද්ද?
Anonymous-AdminDate: Friday, 2014-05-09, 9:53 PM | Message # 1
Anonymous Admin
Group: Administrators
Messages: 16
Reputation: 32767
Status: Offline
මොකක්ද මේ අපි නොදන්න SEO ?

ගොඩක් අයට ප්‍රශ්නයක් නේද ?
හැබැයි සමහරු මේ වෙනකොටත් දන්නවත් ඇති. සමහරු මේ සම්බන්ධව වැඩ කරනවත් ඇති.
කොහොමහරි හැමෝටම දැන ගන්නත් එක්ක SEO ගැන මම දන්නා දේවල් ටිකක් කියලා දෙන්නම්කො.

SEO(Search Engine Optimization) සෙවුම් යන්ත්‍ර ප්‍රශස්තකරණය වගේ එකක් තමයි සිංහල යෙදුම. මම වැරදි නම් නිවැරදි කරන්න කියලා නිහතමානීව ඉල්ලා හිටිනවා කියවන ඇත්තන්ගෙන්.

SEO කියන්නේ අපේ වෙබ් අඩවියක් හෝ පිටුවක් සෙවුම් යන්ත්‍ර (Search Engine) මගින් ඉහල වටිනාකමක් සහිත තත්වයකින් පෙන්වීමට සලස්වා ගැනීම. (මොකක්ද ඒ කිව්වේ ?) ඒ කිව්වේ සෙවුම් යන්ත්‍ර මගින් අපේ වෙබ් අඩවිය ඉහල ස්ථානයක් ලබාදී , ඔවුන්ගේ සෙවුම් ප්‍රතිපල වල පෙන්වීම දක්වා රැගෙන එන ක්‍රියාවලිය. තවත් සරලව කියනවනම් සිද්දිය මෙහෙමයි. දැන් අපි Google එකේ search 1ක් දැම්මා කියල හිතන්න. එතකොට ඒ search results(සෙවුම් ප්‍රතිපල) අතරේ යම් වෙබ් අඩවි පෙන්වන පිළිවෙලක් තියෙනවනේ. ඒ පෙන්වන පිළිවෙල නිකන් අහම්බෙන් ආපු පිළිවෙලක් නෙමෙයි. ඒ පෙන්වන පිළිවෙල ලොකු ක්‍රියාවලියක ප්‍රතිපලයක්. ඉතින් මේ පිළිවෙල ඇතුලේ සමහර වෙබ් අඩවි මුලිනුත් සමහර වෙබ් අඩවි ඊට පසුවත් පෙන්නනවනේ. (සමහර වෙබ් අඩවි පෙන්වන්නේ අන්තිම හරියේ. ඒවා දකින්න වෙනම වෙලාවක් search results ගොඩක් බලන්න වෙනවා.) ඉතින් මේ කියන පිළිවෙල ඇතුලේ අපේ වෙබ් අඩවියටත් යම් වටිනාකමක් ස්ථානයක් තියෙනවා. එක තවත් වැඩි කරලා , ඉහල වටිනාකමක් ලබාදීලා search results අතරේ හොද ස්ථානයක් ලබාගැනීම තමයි SEO කරනවා කියන්නේ.

ඉතින් ඔය අපබ්‍රංස නොකරත් අපේ Websites යස අගේට තියෙනවනේ.

ඔව් තියෙනවා තමයි. එත් ඒවා හොයාගන්න වෙනම මහන්සියක් දරන්න වෙනවා. අපේ Website එක අපිම නම් search results පීරලා පිටු ගණන් හොයල හරි අරගනියි. එත් හිතන්න ඔයා වෙන කෙනෙක්ට ඔයාගේ Website එක ගැන කියනවා කියලා. එතකොට කියන්න පුලුවන්ද "අම්මෝ Google එකෙන් නම් හොයන්න යන්නෙපා. Website එකේ address එක ගහලම යන්න." කියලා. ඕක යාලුවෙක්ට කිව්වට නම් කමක් නැහැ කියලත් හිතමුකෝ. එත් හිතන්න ඔයාල පොඩි Company එකකට Website එකක් හැදුවා කියලා. දැන් ඔයාට පුලුවන්ද කියන්න "අම්මෝ Google එකෙන් නම් ගන්න යන්නෙපා. හැමවෙලේම address එක ගහලම යන්න." කියලා ? බැහැනේ නේද ? අන්න ඒ නිසා තමයි අපිට SEO ඕනා වෙන්නේ. අපි අපේ Website එක හොදින් SEO කලොත්, අපේ Website එකට අදාළ දෙයක් කෙනෙක් search කරනකොට අපේ Website එකත් search results වල මුල් එවයේම පෙන්වයි.

උදා:
අපි හිතමු අපේ Website එක Chocolate ගැන කියලා.

දැන් අපි හිතමු කෙනෙක් Sri Lankan Chocolate කියලා Google search 1ක් දැම්මා කියලා. අපි හිතමු එතකොට අපේ Website එක ඉතාමත් ඉහල මට්ටමෙන්, හොඳටෝම හොඳට SEO කරලා Google අයියගෙන් හොඳ rank 1ක්, තත්වයක් අරන් තියෙනවා කියලා. එහෙම තිබුනොත් අර කලින් කියපු කෙනා search කලාම එයාට් පෙන්නන search results අතරේ මුල්පෙළේ අපේ Website එකත් පෙන්නයි. (පළවෙනියටම පෙන්නන Website එක නොවෙන්න පුළුවන්. මොකද කිව්වොත් එහෙම search result එකක අංක 1 හිමි කරගන්න නම් මාරම ගේමක් තියෙන්නේ, එක සුළු පටු නැහැ. එත් අඩුම ගානේ search results වල මුල්ම පිටුවට රිංගගන්න පුළුවන්. )
අන්න එහෙම search engine වල හොඳ පිළිගැනීමක් ඇති තත්වෙකට අපේ Website එක ගැනීම තමයි මූලිකව SEO කියන්නේ.

හැබැයි මෙහෙම සිද්දියකුත් තියෙනවා. එක්තරා ආකාරෙකට SEO කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් දෙපාර්ශවයක් පිට කහා ගැනීමක් වගේ දෙයකුත් තමයි.

ඒ කිව්ව කාරනාව මෙහෙමයි. Search Engine වලින් අපේ Website වලට හොඳ rank 1ක් ලබාදෙනවා(හොඳ ශ්‍රේණීගතකිරීමක් කරනවා.) ඒ වෙනුවෙන් එයාලා කියන විදියට අපේ Website අපි පිළිවෙලට, සම්මතයන්ට අනුව සකසනවා. එකෙන් Search engine වලින් පෙන්නන search results වල තත්වය ඉහල යනවා. ඒකෙන් Search Engine එකේ තත්වය,පිළිගැනීම වැඩිවෙනවා. අනික් පැත්තට අපේ Website එකට එවැනි පිළිගත්, හොඳ Search Engine එකකින් ඉහල rank 1ක් ලැබෙනවා. ඒකෙන් අපේ Website එකේ පිළිගැනීම, වටිනාකම ඉහල යනවා. ඒවගේම අපේ Website එක Search results වල පෙනීමේ සම්භාවිතාව වැඩිවෙලා අපේ Website එකට එන පිරිස වැඩිවෙනවා.

ආ.. තේරුනාද ? මම හිතනවා තේරුණා කියලා. ඉතින් මේ search results වල ඉහලටම අපේ Website ගැනීම තමයි SEO කියන්නේ. එකට මොනාද කරන්න ඕනා කියලා මම හිමීට කියලා දෙන්නම්කො. තියෙන ගැටළු ගැන කොමෙන්ටුවකින් අහන්නකො. හැබැයි මම SEO ගැන සියල්ලම දත් කෙනෙකු නොවන බවත් බොහොම නිහතමානීව කියනවා මුලදීම. මමත් සමහර දේවල් තවම ඉගෙන ගන්නවා මේ සම්බන්ධවත්. ඒ අතරතුර තමයි පුළු පුළුවන් හැටියට මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මට වඩා දන්නා අය තව ඇතිනේ. ඒ අයත් මේ වැඩේට උදව් වෙයි කියලාත් හිතනවා.
 
FORUM » INTERNET [අන්තර්ජාලය] » SEO » SEO LESSON 01 | SEO කියන්නේ මොකද්ද?
  • Page 1 of 1
  • 1
Search:

Statistics
200