Sign Up | Login
[ New messages · Members · Forum rules · Search · RSS ]
Page 1 of 11
FORUM » COMPUTERS [පරිගණක] » SOFTWARES [සොෆ්ට්වෙයා] » ඕනිම පරිගණකයට ඕනි කරන ඩ්‍රයිවර්ස් ඔක්කෝම එකම තැනකින්
ඕනිම පරිගණකයට ඕනි කරන ඩ්‍රයිවර්ස් ඔක්කෝම එකම තැනකින්
Anonymouz-Admin-2Date: Saturday, 2014-04-19, 8:41 PM | Message # 1
Colonel
Group: Moderators
Messages: 2
Reputation: 0
Status: Offline
මේකත් අලුත් සොෆ්ට්වෙයාර් එකක් නෙමෙයි ඒත් දන්න අය මේ ගැන වැඩිය කාටවත් කියන්නෑ සහ සමහර අය හදනවා මේකේ නම කියන්නැතුව එයාලා ගාව විතරයි තියෙන්නේ වගේ පෙන්නන්න. ඒත් මේක ෆ්‍රී එකක් ඕනිම කෙනෙකුට කිසිම ඇක්ට්වේෂන් එකක් කරන්නැතුව පාවිච්චි කරන්න පුලුවන් ඉතාම ප්‍රයෝජනවත් වෙන සොෆ්ට්වෙයාර් එකක්.

ඩ්‍රයිවර් පැක් සොලූෂන් කියන මේ සොෆ්ට්වෙයාර් එක හදලා තියෙන්නේ දැනට අපි ලග තියන සහ දැනට පාවිච්චි කරන ගොඩාක් පරිගණක වර්ගවලට අදාල ඩ්‍රයිවර්ස්වල එකතුවක් විදියට. මේකේ තියන්වා ලැප්ටොප් / ඩෙස්ක්ටොප් ඒ වගේම වෙනත් වර්ගවලට අයත්වන ඩ්‍රයිවර්ස් පවා (NVIDIA / ATI). ඔයාලටත් හෙන කරදරයක්නේ මැෂින් එකක් ෆෝමැට් කරපු ගමන් ඩ්‍රයිවර්ස් හොයන එක ඉතින් කිසිම අවුලක් නැතුව මේක හරහා ඔයාලට ඕනි කරන ඩ්‍රයිවර්ස් ඔක්කෝම ටික දාගන්න පුලුවන් . ඔයාලට කරන්න තියෙන්නේ මේ අපි දීලා තියන ඉමේජ් එක ඉස්සල්ලාම ඩීවීඩී එකකට ගහගන්න නැත්නම් ඔයාලගේ එක්ස්ටර්නල් හාර්ඩ් එකේ හරි පෙන් ඩ්‍රයිව් එකේහරි තියාගන්නත් පුලුවන්, ඒ වගේ එකක තියනවානම් ඩීමන් ටූල්ස් හරහා මේ ඉමේජ් ෆයිල් එක පාවිච්චි කරන්න පුලුවන්. මේක රන් කලහම නැත්නම් ප්‍රෝග්‍රෑම් එක ඕපන් කලහම ඔයාලට කරන්න කිසිම දෙයක් නෑ මේකෙන් අදාල පරිගණකයට ඉන්ස්ටෝල් වී නැති ඩ්‍රයිවර්ස් වෙනම පෙන්නනවා සහ ඉන්ස්ටෝල් වී ඇති එහෙත් අලුත් වර්ශන් වලට අප්ඩේට් කරන්න පුලුවන් ඩ්‍රයිවර්ස් වෙනම පෙන්නනවා ඔයාලට තියෙන්නේ සර්ච් කරලා ඉවරවෙලා දෙන ඒ රිසල්ට් එක ලග තියන ඉන්ස්ටෝල් ඩ්‍රයිවර්ස් කියන එක දෙන්න විතරයි. තව දෙයක් කියන්න ඕනි සමහර අය දෙනවා මේකේ ලයිට් නැත්නම් පොඩි වර්ශන් එකක් ඒත් ඒක නෙමෙයි ෆුල් වර්ශන් එක . අපි මේ දෙන එක තමයි ෆුල් වර්ශන් එක මේකේ සයිස් එකනම් ටිකක් වැඩියි. ඒත් ඔයාලා ලේයර් දෙකක් තියන ඩීවීඩී එකක් පාවිච්චි කලානම් මේක ලෙසියෙන්ම ඒකකට රයිට් කරගන්න පුලුවන්.තවත් දෙයක් කියන්න ඕනි ඒ තමයි සමහර පරන පරිගණකවලට මේ හරහා ඩ්‍රයිවර්ස් දානකොට නැත්නම් ඉන්ස්ටෝල් කරන කොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න මොකද සමහර ඩ්‍රයිවර්ස්වල ඇති නොගැලපීම් නිසා බ්ලූ ස්ක්‍රීන් වගේ අවුල් එන්න ඉඩ තියනවා ඒත් මේ දේ වෙන්නේ ගොඩාක් අඩුවෙන් තමයි.දැන් ඉතින් එලකිරි වගේ ඔයාලා ලග තියන්වා ඕනිම පරිගණකයකට ඕනි ඩ්‍රයිවර්ස් සෙට් එකම ඒක නිසා බය නැතුව ෆෝමැට් කරලා දාන්න පුලුවන් ඩ්‍රයිවර්ස් ගැන බයවෙන්න දෙයක් නෑනේ දැන්. ඒ වගේම කාගේවත් පස්සෙන් යන්න ඕනිත් නෑ ඩ්‍රයිවර්ස් ඉල්ලගන.මේ තමයි මේකේ අලුත්ම රිලීස් එක මේ ගැන වැඩි විස්තර ඕනිනම් ඔයාලට පුලුවන් මේ වෙබ් සයිට් එකට ගිහින් ඒ ඔක්කෝම දැනගන්න.

http://drp.su/
 
FORUM » COMPUTERS [පරිගණක] » SOFTWARES [සොෆ්ට්වෙයා] » ඕනිම පරිගණකයට ඕනි කරන ඩ්‍රයිවර්ස් ඔක්කෝම එකම තැනකින්
Page 1 of 11
Search:

Statistics
200